Friday, August 31, 2012

මර්වින් සිල්වා ඇමතිතුමාගේ මාධ්‍ය නිවේදනය පිළිබඳව...


අද සැප්තැම්බර් පළමුවෙනිදාය. ලාංකිකයන් අතර ජාතික සංහිඳියාවට අද දිනයේදී එකතුවීමට තිබූ අඳුරු පැල්ලමක් ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් නැවතුනු දිනයකි.

මුන්නේෂ්වරම් කෝවිලේ වාර්ෂික බිලිපූජාව පවත්වන්නට තිබුණේ අදයි. එය කාලි දෙවියන් අදහන හින්දු බැතිමතුන්ගේ සාම්ප්‍රදායික උත්සවයකි. නූතන සමාජයට අනුව එය අශිෂ්ටය. බෞද්ධ දැක්මට සම්පූර්ණයෙන්ම විරුද්ධය. එනිසා බෞද්ධ බහුතරයේ විරෝධය එයට එල්ලවිය. බිලිපූජා නමැති ම්ලේච්ඡ සංස්කෘතිය මේ භූමිය තුලින් අතුගා දැමිය යුත්තකි.

මෙය හොඳින් නවත්වන්නට කෝවිලේ පූසාරින් කැමතිවූයේ නැත. ජනාධිපතිතුමාගේ මැදිහත්වීම නොවන්නට,  එය නරකින් හෝ නවත්වන්නට සිදුව තිබුණි. ලේ හැලීම්, ආරවුල් වලින් තොරව මෙය නවත්වන්නට හැකියාව තිබූ එකම පුද්ගලයා මර්වින් සිල්වා ඇමතිවරයාය. ඔහුගේ ක්‍රියාකලාපය සමග එකඟ නොවන්නන්ද මේ අවස්ථාවේදී ඔහුගේ මැදිහත්වීම අපේක්ෂා කලෝය. විවිධ පුද්ගලයින් සතුව විවිධ හැකියාවන් ඇත. මේ සෑම හැකියාවක්ම යහපත් දේශයක් ගොඩනැගීමේදී අවශ්‍යය.

මෙම යුගයේදී මිනිසෙක්ව දෙවියෙක් හෝ යක්ෂයෙක් කරන්නේ ඔහුගේ ක්‍රියාකලාපය මගින් නොවේ. ජනමාධ්‍ය අර්ථදැක්වීම් මගිනි. මර්වින් සිල්වා ඇමතිවරයා සහ ජනමාධ්‍ය ගැන කියන්නට බොහෝ දේ ඇත. ඒ පිළිබඳව වෙනම ලිපියක් ලියන්නට අදහස් කරමු.

පහත දැක්වෙන්නේ මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා  විසින් අද දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයෙන් කොටසකි.

"අතිගරු ජනාධිපතිතුමන් සමඟ මා දීර්ඝ ලෙස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර දේශයේ පිනින් පහළ වූ පිංවත් ජනාධිපතිතුමන් කළ ඉල්ලීම නිසා මේ බිලි පූජාව නතර කිරීමට තීරණය කළ හෙයින් අද (01) එම ස්ථානයට ම ගොස්, එය නතර කිරීමට මා ගෙන තිබූ තීරණය අත්හිටුවීමට තීරණය කළ බව දැනුම් දෙමි.


මේ සත්‍යක්‍රියාවට සහභාගීවීම සඳහා මා සමඟ තුන්දහසක පමණ පිරිසක් එහි යාමට සූදානමින් සිටි අතර මේ මහා ඝාතනයෙන් අපේ පුණ්‍යභූමිය රුධිරයෙන් නහවන්නට විරෝධය පළ කරමින් මා සමඟ එසේ යාමට සූදානම් ව සිටි මහජනතාවට ද මගේ ගෞරවනීය ස්තූතිය මෙහිදී පළ කරන්නෙමි. ජනප්‍රිය වීමේ බොරු සෝබන න්‍යාය පත්‍රයන්ට වැඩ නොකරන මා මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍යවරයා ලෙස මෙවැනි අකටයුතුකම් සිදුකරන අවස්ථාවල, කවුරු මොනවා කිව්වත් පොදුමහජනතාව වෙනුවෙන් ඔවුන්ගේ පැත්තේ සිට නොබියව ඉදිරිපත් වී කටයුතු කරන බව යළි යළිත් අවධාරණය කරමි. දෙවියන්ගේ නාමයෙන් මෙවැනි පාපතර කාර්යයන් සිදු කිරීමට මා මනුෂ්‍ය ලෝකයේ ජීවත්ව සිටින තුරු ඉඩ නොදෙන බව ද අවධාරණය කරන්නෙමි.


අධිකරණයේ නියෝගවලට හිස නමන අතර මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අධිකරණයේ ම පිහිට පතන්නටත් පියවර ගැනීමට සැලසුම් කොට ඇත. එමෙන් ම මෙවැනි බිලිපූජා සදහට ම නැවැත්වීම සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගතයුතු පියවර වෙනුවෙන් ඉදිරියේ දී කටයුතු කිරීමට සූදානමින් සිටිමි.


මේ මහා ඝාතන නතර කිරීම වෙනුවෙන් මම සහ මා වටා ශක්තිමත් පවුරක් මෙන් සිටි පොදුජනතාවගේ අධිෂ්ඨාන ශක්තිය දේවාශිර්වාදයෙන් අවසානයේ ජයගත් බව මා විශ්වාස කරන අතර කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මේ පුණ්‍යභූමියෙහි වැඩසිටීම ද මේ කාර්යයට මහත් ශක්තියක් හා ආශිර්වාදයක් ම විය.


බිලිපූජාවලින් තොරව දෙවියන් ඇදහීමේ සත්‍යය පිළිබඳ ව ආගමික භේදයකින් තොරව පොදුමහජනතාවට කරුණු පෙන්වා දෙමින් මේ මහා පුණ්‍යකර්මයට දායක වූ ජාතික සමඟිය සඳහා වූ සර්වාගමික සංවිධානය නියෝජනය කරන අති පූජ්‍ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් ඇතුළු සියලු ආගම්වල පූජක උතුමන්ටත් මේ සද්කාර්යය සඳහා විවිධාකාරයෙන් පෙනී සිටි වෙනත් බහුජන සංවිධානවලටත් සමස්ත ශ්‍රී ලංකාවාසී පොදුජනතාවටත් මගේ ගෞරවය හා ප්‍රණාමය පුදකර සිටිමි."

Wednesday, August 29, 2012

දුෂ්ට මරාණ්ඩුවේ ගංකබර බිලිපූජාව....


සමාවෙන්ඩ. මේක අපේ හෙඩිමක් නෙමේ. ‘ජනසේනා’ ව තවත් ආණ්ඩුවේ කඩලෑල්ලක් යයි නින්දිත චෝදනා නගන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, රැඩිකල්, යුක්තිගරුක, සංවේදී, වැදගත්, සිවිල් මහත්තුරුන්ගේ මුදුන් මල්කඩ වෙන ලංකා ඊ නිව්ස් දෙවොලේ ලබන දෙවෙනිදා පලවීමට නියමිත හෙඩිමකි.

අන්තර්ජාලයේ අපට අවලාද නගමින් රට හදන්න හදන මේ නරුමයන් මෙවන් කඩප්පුලි වාර්තා පස්ස උඩදාගෙන ෂෙයාර් කරන හැටි එදිනට බලාගන්නා ලෙස මැදිහත් පාඨකයන්ට අපි මතක්කරමු.

ලංකා පොලොවට අයත් මුත්, තවමත් මුදා නොගත් මුන්නේෂ්වරම් නමැති වනරොදේ අමු මස් බුදිමින් ජීවත්වන පූසාරියන් ඇතුළු ම්ලේච්ච වනචාරින් පිරිසක් අහිංසක සතුන්ගේ ලෙයින් ඔවුන්ගේ ගෝත්‍රික දෙවියන් පුදන්නට යන්නේ ලබන පළමුවෙනිදාය.

එය නිශ්චිතවම සිදුවන්නක්ද, නොවන්නක්දැයි දැන්ම කීමට අපට නොහැකිය. කොහොම උනත් එය සිදුවුනොත්, ලබන දෙවෙනිදා ඊනිවුස් දෙවොලේ ප්‍රවෘත්තිය මෙකය.

මුන්නේෂ්වරමේ බිලිපූජාවට මරා ගංකබරයාත් සම්බන්ධ වෙලා....

මුන්නේෂ්වරමේ ඊයේ පැවති ම්ලේච්ඡ බිලිපූජාව පහසුවෙන් නවත්වන්නට රෙජීමාධිපතිවරයාට පුලුවන්කම තිබුනත්, ඔහු එය නොකලේ මලයාලි කට්ටඩින්ගේ උපදෙස් මත බව ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් අප හා පැවසීය. එම බිලිපූජාව නිසා මරා ගංකබරයාට ඇති අපල වලට ශාන්තිය ලැබෙන බව එම කට්ටඩින් පවසා ඇති හෙයින් එය වලක්වන්නට ගංකබරයා කිසිදු පියවරක් නොගත් බවද එම නිලධාරියා හෙලිකර සිටියේය. මෙම බිලිපූජාවට රෙජීමාධිපතිවරයාද සැටලයිට් ඔස්සේ සම්බන්ධ වී ඇති අතර, එම කට්ටඩින්ගේ උපදෙස් මත තවත් බිලිපූජාවක් නුදුරේදීම මුන්නේෂ්වරමේ පැවැත්වීමට යන බවද අපට වාර්තා වේ.

ආසයි නේ?

හැබැයි යම් විදිහකින් ඔය බිලිපූජාව පවත්වන්ඩ බැරිඋනොත්, මෙන්න දෙවෙනිදා ඊනිවුස් ප්‍රවෘත්තිය.

මරාණ්ඩුව මුන්නේෂ්වරමේ යකා නටයි. ගංකබරයාගේ බැලයෝ සුළු ජාතීන්ගේ ආගමික නිදහසටත් කෙලී.....

වසර සියගණනක් තිස්සේ මුන්නේෂ්වරම කෝවිලේ පවත්වාගෙන ආ වාර්ෂික ආගමික වතාවත් කඩාකප්පල් කරමින් මරාණ්ඩවේ  අංක එකේ  බැලයෙක් වන මර්වින් සිල්වා මැර ඇමතියා කැලණියේ කුඩු ජාවාරම්කාරයින් පිරිසක් සමග ඊයේ මුන්නේෂ්වරම් කෝවිලට කඩාපැන එම පූජාභූමියේ මහත් භීෂණයක් ඇතිකලේය.

හින්දු ජනයාගේ පූජනීය බිම්කඩක් වන මුන්නේෂ්වරම් දෙවොලේ ගංකබරයාගේ මැරයෝ යකා නැටූ පළමු වතාව මෙය නොවේ. උතුරු නැගෙනහිර සාම්ප්‍රදායික දෙමල ගම්බිම් සුණුවිසුනු කරමින් අහිංසක දෙමල ජනයා හැට දහසක් සුනුවිසුනු කල මරාණ්ඩුව දකුණේ අහිංසක දෙමල ජනයාද සංහාරය කිරීමේ පළමු පියවර මුන්නේෂ්වරමෙන් තබා ඇතැයි ප්‍රමුඛ පෙලේ බුද්ධිමතුන් පවසති. මර්වින් සිල්වා මැරයා ඇතුළු කුඩු මැරයෝ මේ සඳහා යෙදවූයේ රෙජිමාධිපති ගංකබරයාගේ සෘජු උපදෙස් මත බවද අපට වාර්තා වේ.

මහත්වරුණි, ඇස් හැර බලන්න.මේ ඔබේ පරමාදර්ශී මාධ්‍ය තක්ඩින්ගේ යතාර්තයයි. ජනසේනා වැසිකිලියක් යයි කියන අවලමුන් ඊනිවුස් දෙවොල ගැන කියන්නේ මොනවාදැයි අපි බලා සිටිමු.

මේ පුවත් දෙකටම එකඟ නම ලයික් කරන්න. දෙකටම විරුද්ද නම් ෂෙයාර් කරන්න.... :P

‘ජන සේනා’ යනු වර්ගපූර්ණිකාව - 2 ද ?


මේක තමයි අපේ බ්ලොග් අඩවිය සම්බන්ධයෙන් විශාල පිරිසකට ඇතිවී තිබෙන ප්‍රශ්නය. ඉතා සූක්ෂම විදිහට රාවණා රජු යොදාගනිමින්, හෙළ ඉතිහාසය කෙරෙහි සිංහලයන් තුල තිබෙන භක්තිමත් හැඟීම විනාශ කොට, ඉතිහාසය යනු ෆන් එකක් ගැනීමේ මූලාශ්‍රයක් බවට පත් කිරීමේ අධම මෙහෙයුමක නිරත, වර්ගපූර්ණිකාව වැනි බ්ලොග් පඩංගුවක් හා අපේ අඩවිය සමකිරීම ගැන නොසතුට ප්‍රකාශ කිරීම හැරුණාම ඒකට ලොකු උත්තරයක් දෙන්න යන්නෙ නෑ. මොකද ඉදිරියේදී මේ වෙනස කාටත් පැහැදිලිවේවි.

ඊළඟ ප්‍රස්නය තමයි ‘ජනසේනා’ එන්නෙ මොකාටද කියල හිතාගන්න බැහැ යයි කීම. මේ කතාව කියන්නෙ සිංහලකම, බෞද්ධකම, වත්මන් ජනතාවාදී පාලනය ගැන නිතර කතා කල සහෝදර ජාතිකවාදීන් කීපදෙනෙක්. ඒක නිසා අපට ඒක වැදගත්. මේ පැහැදිලිකිරීම ඒ වෙනුවෙන්.

පහුගිය ජනාධිපතිවරණයේදී ගරු ජනාධිපතිතුමා ඇතුළු සන්ධාන රජය සමස්ත චන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න බලයක් ලබාගනිමින් ජයග්‍රහණය කලා. ඒක ඓතිහාසික ජයග්‍රහණයක්. විශිෂ්ඨ යුද ජයග්‍රහණය ගැන ජනතාවගේ ඉහලම ආකාරයේ කළගුණ දැක්වීමක්. නමුත් ඒ ජයග්‍රහනයෙන් වසර කීපයක් ඉක්ම යන්නටත් මත්තෙන් අද අපිට උදේ හවා ඇහෙන්නේ මොනවද? ලංකා ඉතිහාසයේ දුර්දාන්තම ආණ්ඩුව මෙය බවයි. දුර්දාන්තම ජනාධිපතිවරයා රාජපක්ෂ මැතිතුමා බවයි. අපි අහන්නේ “මේ කතාව ඇත්තද” කියන එක.

තත්වය කොතරම් ඛේදජනකද කියනවානම් අද ඒ ප්‍රස්නය අහන අයව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ වර්ගපූර්ණිකා ජාතියේ විහිලුකාරයන් විදිහට. ඔවුන් අසාධාරණත් නෑ. ජනාධිපතිතුමාට එරෙහි අපහාස, අවලාද, මඩ හැරුණාම ජනමාධ්‍යයන්ගේ මේවා ප්‍රස්න කරන්නන් නැතිම තරම්. යම් කාලයක් එහෙම කරගෙන ආපු අයත් අද වන විට ඉස්ලාම් විරෝධය, බිලිපූජා විරෝධය වගේ බොහොම පටු තැන්වලට වැටිලා. කණගාටුදායකයි.

ඒකටත් සාධාරණ හේතු ඇති. අද වෙනකොට රජය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ මහින්ද අබේසුන්දර වැනි වාචාලයින්. (අන්න නියම වර්ගපූර්ණිකා කවටයින්) ඒක නිසා රජය වෙනුවෙන් පෙනී සිටින්නන්ද මහින්ද අබේසුන්දර වැන්නන් අයත් වන කටු ලොවින්නන්ගේ කුලකයට වැටෙනවා. කවුද ඒකට කැමති?

පැහැදිලිව කියන්න ඕනෙ අපි ගැටළු සාකච්ඡා කරන්නෙ වෙනස් මානයකින් බව. මේක දීර්ඝකාලීන සාකච්ඡාවකින් පසු ආපු අදහසක්. අපි එය අත්හදා බලනවා. උදාහරණයක් විදිහට වවුනියාව බන්ධනාගාරයේ සිදුවීම ගමු. අතිමානුෂවාදීන් තවමත් මේ ගැන කිඹුල් කඳුළු හෙළනවා. රජය උනත් මේවාට උත්තර දෙන්නෙ යම් අපහසුතාවකින්. නමුත් මේ ගැන සේරුනුවර ගොවියෙකුගෙන් ඇහුවොත් දෙන උත්තරේ අපි අමුතුවෙන් කිවයුතු නෑ නේද? අපි කරන්නේ ඒ උත්තරේ බ්ලොග් අවකාශයට ගේන එක. මොකද අපි විශ්වාස කරනවා ඒක තමයි ප්‍රායෝගික හරි උත්තරේ කියලා.

දැන් පඬිවරු රොත්ත මේකට බුරාගෙන පනී. නමුත් මේ කියන්නෙ අපි කරන දේ. සයිබර් අවකාශයේ ජාතිකවාදීන්ට අපිව නොවැටහෙන්නෙ මේ නිසා වෙන්නැති. සාමාන්‍යයෙන් ජනප්‍රිය විදිහ තමා රජයේ මොකක්හරි ප්‍රස්නයක් ඇදුනොත් උත්තරේ හැටියට දෙන්නෙ රනිල්ගෙ බටලන්ද, ජයලත්ගෙ කොටි සම්බන්ධතා වගේ ප්‍රශ්නෙට අදාල නොවන මැටි මෝල් උත්තර. තාවකාලිකව කටින් ගසා ජයගැනීමක් විනා ප්‍රශ්නය එහෙමමයි.

හෙජින් ගිවිසුම ගැන අහනකොට කෝප් වාර්තා ගැන කියල වැඩක් නෑ. ඕනෑම ප්‍රශ්නයක් තුලම හරි උත්තරේ තියෙනවා. දිය යුත්තේ ඒක. ජනමාධ්‍යවල කෙරුමන් වන දැන උගත් බුද්ධිමත් යැයි කියාගන්නා මිනිස්සුන්ට නොපෙනෙන ඒ උත්තරේ ගෝනගම, මොරවැවේ, කැකිරාවෙ, රිදීගම, ආනවිලුන්දාවෙ, වාරියපොල සාමාන්‍ය ගැමියන්ට පේනවා. අනික ඒ උත්තරේ දෙන්න බිය විය යුතුත් නෑ. මොකද කවුරු මොනවා කිව්වත් මේ ගැමියන් ඉතිහාසයේ නිවැරදියි.

පැහැදිලිව අපි ගරු ජනාධිපතිතුමාගේ නායකත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. මේ රජයේ විවිධ වැරදි තිබෙන්න පුලුවන්. ඒ වැරදි වලට ඇත්ත හේතු අපිත් හොයනවා. ජනාධිපතිතුමාටත් නිසිලෙස පාලනය කරගන්න අසීරු විවිධ බලවේගයන් මේ මොහොතේත් ක්‍රියාත්මකයි. ඒකට විසඳුම ආණ්ඩුව ගෙදර යවන එක නොවෙයි. ඊට පස්සෙ කවුද ගේන්නෙ? කවුරුහරි පිස්සෙක් ගෙනත් ඉන්දවන එක ලේසියි. නමුත් පිස්සෙක් යටතේ ජීවත්වෙන එක ලේසියි කියලා හිතනවද?

අපිට අවලාද නගන්නන්ට අපි අභියෝගයක් කරනවා. මිනිස්සු ගහක අත්තකට නැගලා අත්ත මුලින් කපන්නෑ. පුළුවන්නම් ‘මහින්ද රාජපක්ෂ වෙනුවට ජනාධිපති පුටුවේ වාඩිකරවන්න පුළුවන්’  එක දේශපාලන පක්ෂ නායකයෙකුගෙ නමක් කියන්න. හෙට මේ බ්ලොගය වහල දානවා.
(දෙකොණින් සිනහා යන නම් යෝජනා කිරීමෙන් වලකින්න)

Tuesday, August 28, 2012

පබාට ගල් ගහන කොබාලාට.....


වත්මන් ශ්‍රීලංකා දේශපාලනයේ නියුක්ත මහජන නියෝජිතයන් අතුරින් එක්තරා පිරිසක්, පිලිගත් මාධ්‍යවල, කුණු ‍ගොසිප් අඩවිවල සහ තමුන් බුද්ධිමත් යයි සිතා ඉන්නා අති මානුෂවාදී අවලමුන්ගේ නිබඳ සමච්චලයට ලක්වෙති. මොවුන් පිළිබඳව යමක් කතා කිරීම කාලෝචිතය. කතා කිරීමට ඇති බොහෝ දේ පසෙකට තබා අප එක් උදාහරණයක් පමණක් ගනිමු. 

ඇය ගම්පහ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියයි.

කලෙක ඇය මෙම අවලමුන්ගේ වීරවරියක විය. ඒ ෆොන්සේකාගේ වේදිකාවට ගොඩවූ සමයේදීය. ඇය යුගයේ අසහාය වීරවරියයි. ජනපතිතුමාගේ ඇරයුමෙන් ඇය එක්සත් ජනතා නිදහස් සංධාන සාමාජිකත්වය ලබාගත් දින සිට ඔවුනට ඇය වහකදුරු විය. 

විය යුතු පරිදිම ඇගේ පෞද්ගලික ජීවිතය පදනම් කරගත් අවලාද අපහාස වැසි වසින්නට විය. නමුත් අවසන් වශයෙන් ඇය නිවැරදි බව අද පසක්කොට ඇත. එදා ඇය ගොඩවූ වේදිකාව, බල තණ්හාධිකයන්ගේ කඹ ඇදීම නිසා අද සීසීකඩ කැඩී විසිරී ගොසිනි. විපක්ෂය යනු තැන් තැන්වල කෙඳිරි ගාන නකුටු බලු රැලක් ගානට වැටී ඇත. උන්ට රැවටී චන්දය දුන්  අහිංසක මිනිස්සු මේ බලුපොර දෙස බලමින් හූල්ලති.

උපේක්ෂා තම යුතුකම ඉටු කරන්නීය. ඇය විපක්ෂයේ සිටියදී චන්දය දුන් සැමටද අද ආණ්ඩු පක්ෂයේ සිට ඇයට හැකි පමණින් උදව් කරන බවට ඇගේ ආසනයේ යූ.ඇන්.පී. කාරයෝම සාක්ෂි දරති. මිනිසුනට මූලිකව අවශ්‍ය එයයි. දහසක් අවලාද මැද ඇය තවමත් ශක්තිමත්ව සිටගන්නේ මේ මිනිසුන්ගේ හයියෙනි. මෙය නොපිළිගන්නා කාලකන්ණින් ඊළඟ චන්දය තෙක් ඔය සිහිනයේම සැතපෙන්න.

පහත දැක්වෙන්නේ සරළ සංසන්දනයකි. එක් පසෙක උපේක්ෂා ස්වර්ණමාලී මන්ත්‍රීතුමියයි. අනෙක් පසට ඔබේ ප්‍රියතම අතිමානුෂවාදී, රැඩිකල්, සටන්කාමී දේශපාලන චරිතය යොදාගන්න. (මෙම චරිතය සඳහා උදාහරණ - රනිල්, සජිත්, ෆොන්සේකා, ටිල්වින්, සෝමවංස, කුමාර් ගුනරත්නම්, හේමකුමාර, දීප්ති කුමාර, රවි, ජයලත්, වික්‍රමබාහු, හකීම්, තොන්ඩමන්, සුමන්තිරන්, හෝ එ.ජ.නි.ස ආණ්ඩුවේ සිටිමින් එය ඇතුලතින් උලාකන ජොන්ස්ටන්, බන්දුල, කෙහෙලිය, වැනි යූ.ඇන්.පී කාරයන්...........)

උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීතුමිය
අතිමානුෂවාදී පඬි හැතිකරය උඩදාන නායකයින්
රංගනය, නර්තනය, රිද්මය ඈ වාසනා ගුණයන් උපතින් උරුම කරගත්තියකි.
මුන් දන්නා කලාවක් නැත. ගිරිය පුප්පමින් කෑ ගැසීම සහ නහරවැල් උලුප්පමින් ප්‍රචණ්ඩ අභිනයන් පෑම පමණක් දන්නා කාලකන්ණින් පිරිසකි

කලාව ප්‍රගුණ කල අයෙකි
දේශපාලනය ප්‍රගුණ කල නරුමයන් පිරිසකි. කලාවෙන් ජීවිතයට ලැබෙන සංවේදී ශික්ෂණය වෙනුවට හැඟීම් විරහිත යාන්ත්‍රික නරුම භාවයක් ප්‍රගුණ කලවුන්ය

මහජන මුදල් සොරකම්කොට නැත
අම්බ හොරුය. හොරකම් නොකලායයි යමෙකු පම්පෝරි ගසන්නේ නම් ඒ උගේ හොඳකමකට නොවන අතර හොරකම් කිරීමට අවස්ථාව නොලැබීම නිසාය.

තරුණය. ජවසම්පන්නය. දේශපාලන අත්දැකීම් අඩු බව සැබෑය. එම තත්වය තුල පවා හෘද සාක්ෂියට අනුව තීරණ ගෙන ඇත.
වයසය. ඇතැම් ඉන්ද්‍රියන් නිසිලෙස වැඩ නොකරයි. ලිංගික බෙලහීනතාවයෙන් පෙලේ. ගන්නා තීරණවලට එයද බලපෑම් කරයි. අනුන්ගේ කරමතින් දේශපාලන ගමන යයි. දේශපාලන අත්දැකීම් ලෙස ඇත්තේ පොලිසියෙන් ගුටිකාපුවා, කඳුළුගෑස් කාපුවා වැනි විකාරයන් රැසකි.

දෑත් වල ලේ තැවරී නැත.
දෑත්වල ලේ කැටිගැසී ඇත. මේ සියල්ලන්ම නියමින් හෝ අනියමින් මිනිස් ජීවිත දස දහස් ගණනකට වග කිව යුතුය.

විවෘත ජීවිතයක් ගත කරයි. තම පවුල් ආරවුල් වැනි කිසිදු පෞද්ගලික දෙයක් ඇය මාධ්‍යයන්ගෙන් වසන් කොට නැත. පෞද්ගලික ජීවිතය/දේශපාලන ජීවිතය යනුවෙන් ද්විත්ව චරිතයන් නඩත්තු නොකරයි. සෑම විටම සැබෑ පුද්ගලයා ලෙසම පෙනී සිටියි.

තම පෞද්ගලික ජීවිතය නින්දිත ලෙස සඟවයි. දේශපාලන තිරයේ මහා විමුක්තිකාමීන් වන මොවුන් සැබෑ ජීවිතයේදී කැහැටු බල්ලන්ටත් අන්ත පෙන්දන්ය. නැතිනම් කෲර පරපීඩකයන්ය. මුන්ගේ ඇත්ත ජීවිතය දන්නෝ චන්දය දෙනු තියා මුන් සිටින දෙස බලාගෙන බත් කන්නේවත් නැත.
බල තණ්හාවක් නැත
අධික ලෙස බලලෝභීය. මැරෙන තුරු පක්ෂ නායකයන් වශයෙන් සිටීමට බෙලිකැපිලි/පාවාදීම් වැනි ඕනෑම කුප්පීදු වැඩක් කරයි.

අවංකව කතා කරයි. තමාට වැටහෙන පමණ සෘජුව කරුණු දක්වයි. තමා නොදන්නා දේ බොහෝ බව දනී. තමා වැරදි නම් නිහතමානීව පිළිගනී. ප්‍රියමනාප කටහඬකි.
මුන් නොදන්නා‍ දෙයක් නැත. මුන්ට කිසිදා වරදින්නේද නැත. නැති පාණ්ඩිත්වයක් පෙන්වයි. තමාට වැරදුනු බව දැනුනහොත් මෙලෝ යකෙකුට නොතේරෙන තියරි ටොන් ගණනක් ඇදබායි. අන්‍යයන්ට නින්දිත ලෙස මඩ ගසයි. තමාට චෝදනාවක් එල්ලවූ විට දැඩි ලෙස කිපේ. කටහඬ කර්ණ කටුකය. අප්‍රසන්නය. කටවල් ගඳ ගසයි.

ජනතා චන්දයෙන් ජයග්‍රහණය කරයි.
ජනතා චන්දයෙන් දිගින් දිගටම පරදී. පැරදුන වහාම ජනතාව යනු තණකොල කන හරකුන් යයි පරිභව කරයි. ටික කලක් ගතවූ පසු ඊළඟ චන්දය ගැන සිතා ආදරණීය ජනතාව ලෙස නැවත අමතයි.

සුන්දරය. ප්‍රියමනාපය. මොනවා කිව්වත් අහං ඉන්නට පිරියක් දැනේ.
කැතය. ගොරහැඩිය.  වැඩි දෙනෙකු මුග්ධ පෙනුමෙන් යුක්තය. ශරීරයක් වෙනුවට කට පමණක් නඩත්තු කරයි. මාසයකට කී පාරක් නානවාදැයි සැක සහිතය.

සමබරය. දේශපාලනය මෙන්ම රංගනය, නර්තනය, පෞද්ගලික රසවින්දන අවස්ථා, ව්‍යාපාර යනාදී සියල්ලද කරයි. එනිසා මානසිකව සමබරය. දේශපාලනය යනු ජීවිතයේ කොටසකි. එනිසා එය සජීවීය.
අතිශය අසමබරය. එක්කෝ ජීවිතයම දේශපාලනය පමණි. නැතිනම් දේශපාලනය සහ ව්‍යාපාර පමණි. ඉන් එහා ජීවිතයක් හෝ ලෝකයක් දන්නේ නැත. පෞද්ගලික රසවින්දන නිමේෂයන් ඇත්තේම නැත. ඇතිනම් ඒ සිහිනැතිවෙන්ඩම මත්පැන් බීම සහ තම දේශපාලන හයිය භාවිතාකොට ප්‍රසිද්ධ චරිතයක් ආධාරයෙන් ලබන යාන්ත්‍රික ලිංගික පහසක් පමණි. ජීවිතය දේශපාලනයේ කොටසකි. එනිසා ජීවිතය අජීවීය.

හඬයි. එනිසා මනුශ්‍යයෙකි.
නොහඬයි. ඇස්වලට කඳුළු එන්නේ හෝ ඇස්පිල්ලම් ගහන්නේ නැත. එබැවින් අමනුශ්‍ය කොට්ඨාශයකි.



දහසක් අවලාද මැද උපේක්ෂා ඇගෙ ගමන යන්නීය. දේශපාලනය ඉගෙනීමට සහ අත්දැකීම් ලබා ගැනීමට ඇයට තව ඕනෑතරම් කාලය ඇත. අනාගතය නිර්මාණය වන්නේ කුහක වාචාලයන්ගේ පඬිවදන් වලින් නොවේ. හිතට එකඟව තීරණ ගන්නා නිරෝගී මනුශ්‍යයන්ගෙනි.

- ලිව්වේ තුසිත

Sunday, August 26, 2012

ඇත්ත කඩු එපා...අපේ ෆැන්ටසි කඩු සමග මහින්ද එල්ලනු..!


කටුගෙයි කඩු සොරකම ගැන තොරතුරු දැන් හෙළිදරව්වෙමින් පවතී. නැතිවූ කෞතුක භාණ්ඩද යම් ප්‍රමාණයක් සොයාගෙන අවසන්ය. ඒත් ප්‍රස්නෙ අවසන් නැත. සමහරුන් සොරකම හෙළිදරව් උනාට කැමති නැති බවක් පෙනේ. අපි කතා කරන්නේ ඒ ඇයි කියාය.

මිනිස් විෂයේ මූලික හැසිරීම් මාදිලියක් මේ තුලින් අපි දකිමු. යථාර්තය සැබැවින්ම පීඩාකාරීය. එබැවින් දුරාතීතයේ සිටම මිනිසා ප්‍රබන්ධ යථාර්ථයට ප්‍රිය කලේය. සියළු දෙවිවරුන් එහි නිෂ්පාදනයන්ය. මිනිසුන් අතර වාසයට වඩා දෙවියන් සමග වාසය පහසුය. වරදකාරීත්වය දෙවියන්ට පවරා දීමෙන් පසු හිත නිදහස්ය. බෝසෝන් අංශුව විද්‍යාත්මකව සනාථ කරගත් 2012 වසරේදීද ලෝකයේ හතරෙන් තුනකට වඩා මිනිසුන් තවමත් මැවුම්වාදය විශ්වාස කරන්නේ ඒ නිසාය. බුද්ධ දර්ශනයටද මෙයින් ගැලවීමක් නැත. තම ක්‍රියාකාරීත්වයේ වගකීම තමුන්ම දැරිය යුතුයැයි කියන බුද්ධ වචනය පරයා නා නා ප්‍රකාර දෙවිවරුන් භූතයන්, බෝධි වන්දනා, සෙත් පිරිත් හාස්කම් මුල්තැනට එන්නේ ඒ නිසාය.

රටේ වත්මන් තත්වයද සුවදායක නැත. නිෂ්පාදනයට වඩා සේවා ආර්ථිකය වර්ධනය වන, වඩ වඩාත් පාරිභෝජනවාදයට ගොදුරු වෙමින් සිටින, තමාගෙන් රටට විය යුතු දෙය වෙනුවට, රටෙන් තමාට හිමි කොටස ගැන පමණක් සිතන බහුතර ජනතාවකින් යුත් තැනක මෙය ස්වභාවිකය. අනෙක් අතට තරඟකාරී විවෘත ආර්ථිකය තුල යම් රටක අති බහුතරයක් නිසඟයෙන්ම පීඩිතයන් වන්නේය. මෙය යථාර්තයයි.

යතාර්ථය කොහොමත් පීඩාකාරී බව අපි උඩදී සඳහන් කලෙමු. විසඳුම කුමක්ද? මෙම පීඩාව අනෙකෙකු වෙතට ප්‍රක්ෂේපණය කිරීමයි. එවිට තමා නිදහස්ය. තමා පීඩාවට පත්ව ඇත්තේ අනෙකෙකු නිසාය. මේ අනෙකා රජයයි.

ඒක මදිය. රජය ලොකු යාන්ත්‍රණයකි. එකෙක් කියලා වෙනම ගන්නට බැරිය. මෙන්න හොඳම එක. රාජපක්ෂ රෙජීමය....!

දැන් ඉතින් රටේ ලොකු කුඩා හැම ප්‍රස්නයකම මුල මහින්දයි. වැස්ස නැත්තේ මහින්ද කරපු අපරාධවලටය. පිටවල පතන ගිනිගැනිල්ලටද මහින්දගේ මොකක්හරි කොනක් ඇත. කහවත්තේ මිනිස් ඝාතන සිදුවන්නේ මහින්ද ඒ ගැන සොයා නොබලන නිසාය. ඇහැටුවැව ළමා අපචාරයක් වාර්තා කරන්නේ ‘මෙන්න ආශ්චර්ය දේශයේ තවත් එකක්’ කියාය.

කෞතුකාගාරයේ සොරකමේදීද මීට වෙනස් යමක් වුනේ නැත. සොරකම සිද්ද වන්නටත් පෙරම නිශ්චය කරගත් සොරෙකු සිටියෙය. ඒ මහින්දය. සොරකම සිද්ද විය. එදා ඉඳං හැමෝම කිව්වේ සොරා අල්ලනු කියා නොවේ. මහින්ද අල්ලනු කියාය. ඒ හා සම්බන්ධ හැම අතුරු කතාවකම සිටියේ මහින්දය. මෙය ඉතා ප්‍රීතිමත් ෆැන්ටසියකි. තමා විඳින සියළු පීඩාවන්ගේ ඊනියා මූලය ලෙස හඟින මහින්ද කඩු සමග මාට්ටු වීම කෙතරම් ආශ්වාදයක්ද?

අන්තිමේදී සොරකමේ සුලමුල හෙළිවෙමින් පවතී. දැන් ඇත්තේ අසහනයකි. සොරකමේ මහින්ද නැත. අහෝ දුකකි. ඉරකි. තිතකි.

දැන් කවුරුත් අඬන්නේ ඉතුරු කෞතුක භාණ්ඩ ටිකත් සොයාගනිව් කියා නොවේ. අල්ලගත්තු හොරු අතහැර මහින්ද අල්ලාගනිව් කියාය. පළමුව කට ඇරියේ මෙරටේ ප්‍රසිද්ධ හාමුදුරුනමකි. උන්වහන්සේගේද ෆැන්ටසි ආතල් කුඩුවීම නිසාය. උන් වහන්සේ කීවේ මේක නාට්‍යයක් කියාය. ඊට පසු හැමෝම කට ඇරියෝය. කවුරුත් කියන්නේ එක දෙයකි. ඇත්ත කඩු එපා. අපේ ෆැන්ටසි කඩු සමග මහින්ද එල්ලපියව්.....!

Friday, August 24, 2012

කළුවර චම්පික සහ විපක්සෙ ආලෝක බණ්ඩයියලා..


දැන් දවසකට පැය තුනක් නැත්තේ ලයිට් ය. හේතුව කැපිල්ලයි. කැපිල්ල නිසාම චම්පික රණවක ඇමතිවරයා ‘කළුවර චම්පික’ වී ඇත. යූ.ඇන්.පී කුණු බෝක්කු කටවලින් මහා ඉහලින් වනා පෙන්නන පැය තුනේ කැපිල්ල උන්ට ඉල්ලමකි. ලයිට් කපන එක හොඳ නැත. නමුත් කපන්න වෙනවානම් වෙන කරන්නට දෙයක් නැත. චම්පිකගේ මොකක්හරි එකකට ප්ලග් එකක් ගැහුවාම කරන්ට් එන්නේ නැත. ඔහු විදුලිය ලබාගත යුත්තේ දැනට පොලොව මත ක්‍රියාත්මක බලාගාර වලිනි.

2010 වන විට බලශක්ති ඔලුව බිත්තියට හේත්තුවෙන බව ලංකාවේ විද්වතුන් පෙන්වා දුන්නේ චන්ද්‍රිකා සමයේදීය. ඒකට පිලියමක් ලෙස කල්තියා ගහන්නට අමුඩයක් දෙකක්ද යෝජනා විය. එකක් නොරොච්චෝලේය. අනික ඉහල කොත්මලේය. එදා ඉඳං 2005 වෙනකං තිබූ ආණ්ඩු කලේ අමුඩෙ ගහන්නට නැකැත් හැදීමයි. අද ලයිට් කැපිල්ල ගැන අ‍ඳෝනා ගහන පරිසර හිතකාමී මහා ප්‍රජාතන්ත්‍රවාදීන් එදා කරන තරමක් කලේ ආන්ඩුවලට උදැල්ල දැමීමයි. දෙගොල්ල කිරි කිරි බෝලේ සෙල්ලම කරමින් 2005 දක්වා සිටියේය.

2005 වන විටත් ප්‍රමාද වැඩි විය. රාජපක්ෂ ජනාධිපතිවරයා තම පළමු කැබිනට් රැස්වීමේදීම මුරණ්ඩු තීරණයක් ගත්තේය. ඒ මොකා විරුද්ද උනත් නොරොච්චෝලේ සහ ඉහල කොත්මලේ වහාම ක්‍රියාත්මක කිරීමටයි. (අන්න බලන්ඩ ඒකාධිපතියෙක් නෙහ්?)

ඒ ඒකාධිපතියාගේ මුරණ්ඩුකමට පින්සිද්ද වෙන්ඩ ඊයේ පෙරේදා වෙනකං අගහිගයක් නැතුව ලයිට් තිබුණි. ලයිට් තියෙනවා කියා අමුතුවෙන් එකෙක්වත් කිව්වේද නැත.

2005 දී ග්‍රාමීය පලාත්වල 35%, 40%, 45% තිබූ විදුලි සැපයුම අද වන විට 80%, 90%, 95% දක්වා ඉහල දමා ඇත. කිසිදා වයර් නොඇදෙනු ඇතැයි සිතූ ගම්බද කැලෑ පලාත් වලට විදුලි රැහැන් ගියේය. ඒ කියන්නෙ ඉතා විශාල පාරිභෝගිකයන් පිරිසක් විදුලි බල ජාලයට එකතුවිය.

විදුලිබල පාරිභෝගිකයනුත් මේ කාලය තුල නිකම් හිටියේ නැත. 2000 දශකයේ මුලදී එලිය ලබාගන්න විතරක් විදුලිය භාවිතා කල නිවාස අති විශාල ප්‍රමාණයකට අධිකව විදුලිය වැයවන ශීතකරණ, විදුලි මෝටර්, විදුලි උදුන් ආවේය. ඒ ආර්ථිකයේ නැග්මත් එක්කය. දෙගුණ වූ විදුලි අවශ්‍යතා සිව්ගුණ විය. නොරොච්චෝලේ හදපු දා ඉඳං නඩත්තුවටවත් නොනවත්වා දිව්වේය. අන්තිමේදී අබලන් විය. (ඒක චීන ලදරමක්ය කියන චෝදනාව බරපතළය. ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කල යුතුය. ඒ වගේම ඔය ප්‍රස්නයට 2005 වෙනකං ගල් අඟුරු බලාගාරවලට විරුද්දව කල්පිටිය පොලොවේ පස්කාපු උන්දැලාද සමව වගකිව යුතුය. උන්දැලා නොවන්නට ඔහොම හදිස්සියේ මොකක් හෝ අටවා විදුලිය ගන්න වෙන තැනකට පත්නොවන්නට තිබුණි)

විදුලි අර්බුදයට එකම හේතුව විදිහට නොරොච්චෝලේ ලදරම පෙන්නන විපක්සයේ මහා බුද්ධිමතුන් නියඟය ගැන වගේ වගක් නැත. උන් කියන්නේ මොනව කරල හරි ලයිට් දීපල්ලා කියලාය. හරියට උන් දිනුවොත් මොන නියඟය තිබුනත් හෙට ඉඳන් ලයිට් කපන්නෑ වගේය. තොන්ඩට බයේ ඉහල කොත්මලේ කියන නම කියාගන්ඩ කොන්ද පන නොතිබ්බ උඹල කියහල්ල බලන්ඩ නියං කාලෙට කරන්ට් එක දෙන්නෙ විදුලි ආඳන්ගෙ පුකට ප්ලග් එකක් ගහලද කියලා?

මේ දවස්වල චම්පිකට කළුවර චම්පික කියන්නේ නැත. ඒ රෑට නැතුව දවල්ට පැය තුනක් කරන්ට් කපන හින්දාය. ඉස්සර රෑට පැයක් හමාරක් කපන එක කොටිය කනවට හපන් අමාරුවකි. කුනුහරුප අහන් ඉන්න බැරිතැනදෝ දැන් දවල්ට කපයි. නොකල යුත්තේම මේක නෙමේද? රෑට ලයිට් කපන එක ජන ජීවිතයට බාධාවකි. රටේ ආර්ථිකය දිව්වේය. ඒත් දවල්ට කපන එක ජාතික අපරාධයකි. රටේ නිෂ්පාදනය වරුවකට නවතී. සියළු සේවා අඩකින් අඩාල වේ. මේ පාඩුව දරන්නේ කවුද?

අපි දෙන්නම් යෝජනාවක්. කරන්ට් කපන්නම වෙනවනම්, දවල් දවස කරන්ට්එක දීල කපහල්ලා රෑ 8 න් පස්සෙ. මෙගා ටෙලි බලාගන්ඩ බැරි උං දත්මිටි කකා හරි බුදියගනිල්ල. උඹලට මෙගා බලාගන්ඩ බැරිවුනා කියල රටට පාඩුවක් නෑ. නැත්තං දරු පැටව් වටකරගෙන නිදිමත එනකං කියා දීපල්ල කතන්දරයක්. උනුත් හැදෙයි. රටත් හැදෙයි.

පොඩ්ඩක් හිටහල්ලා වහිනකං. උමා ඔය හැදෙනකං. තව සුලං බලාගාර ටික, සූර්ය බලාගාර ටික හැදෙනකං. අසීරු අවස්ථා ජීවිතයේදි වගේම රටකටත් එනවා. ආණ්ඩු පෙරලපුවාම ලයිට් ලැබෙනවනං පෙරලපල්ලා. හැබැයි කලින් කියහල්ලා කාගෙ පස්ස පැත්තටද ප්ලග් එක ගහන්නෙ කියලා.

Thursday, August 23, 2012

අපි කෙලින් කතා කරමු....!

ගෙදර හිටියත්, පාරට බැස්සත්, වැඩපලට ගියත්, කඩපිලට ගියත්..... උදේ ඉඳන් රෑවෙනකං අපේ කන් වලට ඇහෙන දෙයක්  තියෙනවා. 


ඒ තමයි 'අපිට නැති දේවල්'

මොනවද?

සල්ලි නෑ... විදුලිය නෑ.... අධ්‍යාපන අවස්ථා නෑ.... ජලය නෑ.... මාධ්‍ය නිදහස නෑ.... ප්‍රජාතන්ත්‍රවාදය නෑ.... කලා නිර්මාණ සඳහා නිදහස නෑ.... රවි කරුණානායකට මාධ්‍යවල ඉඩ දෙන්නෑ..... ජවිපෙට පෝස්ටර් අලවන්ඩ දෙන්නෑ.... ඉඩම් නෑ..... නිදහස් අධ්‍යාපනය නෑ..... වාහනයක් නෑ..... පරිප්පු නෑ..... ඇමතිල වැඩ කරන්නෑ..... ප්‍රවෘත්තිවල ඇත්ත කියන්නෑ..... දිනූ දේශය රැකගන්නෑ.... සාධාරන මැතිවරණ නෑ..... පොලිසිය නීතිය රකින්නෑ.... ඉස්පිරිතාලෙ බේත් නෑ..... සාධාරණව රගර් මැච් එකක්වත් දිනාගන්න නෑ.... නෑ.... නෑ.... අරක නෑ.... මේක නෑ.... නෑ......!!!!!

අපි කෙලින් කතා කරමු...!

මේ නැහැයි කියන දේවල් සියල්ලම, අවංකවම ඔබට අවශ්‍යමයි කියල කොයි මොහොතක හරි තනිවම  හිතුන දේවල්ද?

අපි ඔට්ටුවක් දානවා.

නැහැ !

මේ වැඩි හරියක් ඔබට අවශ්‍යම දේවල් බව කවුරුන්හෝ ඔබට කියාදුන් ඒවා. 
කවුද මේවා ඔබට කියාදෙන්නෙ???

දශක දෙකක් තිස්සේ පරාජය වෙමින්, ඇතුලතින් කුණුවෙමින් ඕජස් ගලන එක්සත් ජාතික පක්ෂයේ සල්ලි හදිස්සිකාරයෝ ටික....

තමුන්ගේ මනෝරාජික විප්ලවයට දින ගණිමින්, මේ මිහිමත තනියෙන් බුදුවෙන්නට පාරමිතා පුරන අංගවිකල ජනතා විමුක්ති පෙරමුණ....

රටේ සම්පත් ටිකට කෙල හලමින්, මොන ක්‍රමයකින් හෝ මේ බිම අරාජික කිරීමට මාන බලන අන්තර්ජාතික නරි රැල....

ආයුධ බලයෙන්, ලේ ගංගා මතින් උදුරාගන්නට බැරිවූ බිම, කුමන්ත්‍රණ මගින් ඩැහැගන්නට මාන බලන එල්.ටී.ටී.ඊ අවතාර....

ඉහත සියල්ලන්ගෙන්ම යැපෙමින්,  තම බඩවියත ගැන පමණක් සිතන ඊනියා නිදහස් මතධාරී එන්.ජී.ඕ කපුටු බුද්ධිමතුන්.....

ඉතින් ඔබට හිතෙන්නෙම 'මේ පාලන තන්ත්‍රය තුල... මට කොච්චර දේවල් නැද්ද' කියල තමයි.

අපි කෙලින් කතා කරමු.

ඉහත ඉහඳ පණුවන් ඔබේ කණට මතුරන ‘නැති දේවල් සූත්‍රය’ මදක් පසෙකට දමා ‘ඔබට තිබෙන දේවල්’ ගැන කතාකරමු.

රටේ සුක්කානම මෙහෙයවන්නෙ සර්වතෝභද්‍ර දෙවියෙක්, යකෙක්, බ්‍රහ්මයෙක් නෙමේ. සියළු සීමාසහිතකම් සහිත සාමාන්‍ය මිනිසෙක්.  අඩුපාඩුකම් ඇති. නමුත් මැදහත්ව බලමු. 

අර නැතිබැරිකම් සූත්‍රය ජපකරන ඉහඳ පණුවන්ට අපි කියන්නෙ මෙච්චරයි.

ඇන්දුවා ඇති....!!

මේ වැඩේ කොච්චර අසීරුද කියන එක දැනගෙන තමයි අපි මේ ගමන පටන් ගත්තෙ. බොහෝ දේවල් සිදුවෙවි. නමුත් අපට අවශ්‍ය ධෛර්යය ඇතිපදම් තිබෙන බවයි අපි දැනට හිතන්නෙ. මැදහත් ඔබ අප අත් නොහරිනතාක් ඒ ධෛර්යය නොසැලේවි.

දිනූ බිම රැකගත හැක්කේ ඇත්ත ඇති සැටියෙන් කතා කිරීමෙන් පමණයි. “ජන සේනා” අපේ අරමුණ එයයි. ඉදිරියටත් අප සමග එක්වන්න.

අපි කෙලින් කතා කරමු !!!